ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් තරඟය අද

0
321

“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්“ 20 යි 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (21) පැවැත්වේ.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟය මුම්බායිහි දී රාත්‍රී 07 ට ආරම්භ වීමට නියමිතය.

“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්“ තරගාවලිය සඳහා කණ්ඩායම් 07ක් සහභාගී වූ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගී වූ තරඟ 06න් 05 බැගින් ජයගැනීමට සමත් වුණි.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය අද ආරම්භ වේ.