මිරිස්සේදී වැටලූ ෆේස්බුක් සාදය

0
339

මාතර, මිරිස්ස ප්‍රදේශයේ පැවැත්වූ ෆේස් බුක් සාදයක් වටලා විදේශීය මත්පැන් මිලි ලීටර්  57250ක් සමඟ එම සාදය සංවිධානය කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20)  සුරාබදු දෙපාර්තමේන්තුවේ 1913 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය මඟින් එම වැටලීම සිදුකර තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් විදේශීය මත්පැන්වල වටිනාකම ලක්ෂ පහක් පමණ වන බව වාර්තා වේ.

එම ෆේස්බුක් සාදය සඳහා කොළඹ ප්‍රදේශයේ වයස අවුරුදු 20-25 වයසේ පසුවන තරුණ තරුණියන් සීයක් පමණ සහභාගී වී සිටි බව දකුණු පළාත් විශේෂ සුරාබදු මෙහෙයුම් කාර්යාංශය සඳහන් කරයි.