පෙට්ට්‍රල් සුවද බැලීමට ගිය 7 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

0
105

යතුරු පැදියක ඉන්ධන ටැංකියේ මුහුඩිය ඉවත්කොට පෙට්ට්‍රල් වල ගඳ සුවද බැලීමට ගිය වයස අවුරුදු 7ක දරුවෙකු මිය යෑමේ පුවතක් දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ, වැලමිටියාව ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ වාර්තා වනවා.

මෙසේ අවාසනාවන්ත අන්දමට මියගොස් ඇත්තේ දඹුල්ල වැලමිටියාව ප්‍රාථමික විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සජිත් කුමාර මුණසිංහ නමැති 7 හැවිරිදි දරුවෙකු බව පොලීසිය සඳහන් කළේ.

එම දරුවා ඊයේ (20) පස්වරුවේ තම මිත්තනියගේ නිවසට පැමිණ නිවස ඉදිරිපිට නවතා තිබූ ඥාතියෙකුට අයත් යතුරුපැදියක් මතට නැග එහි පියන විවෘතකර ඉන්ධන සුවඳ බැලීමට යාමේදී එම අනතුර සිදුවී ඇතැයි ඥාතීහු පවසති.

යතුරුපැදිය මතම සිහිසුන්ව සිටි දරුවා ප්‍රදේශවාසීන්ගේ සහයෙන් ගලේවෙල රෝහලට ඇතුළත් කරන විට ද මියගොස් ඇති බව ඇති බව සඳහන්. 

පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) දඹුල්ල මහ රෝහලේදී පැවැත්වීමට නියමිතයි අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.