ජනපති සහභාගී වන ගම සමග පිළිසඳර හෙට මාතර, පිටබැද්දර දී

0
315

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන හෙට (27) මාතර දී පැවැත්වේ.

ඒ සඳහා මාතර, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසම තෝරාගෙන තිබේ. 

මෙය දකුණු පළාතේ පැවැත්වෙන දෙවැනි “ගම සමග පිළිසඳර වැඩසටහනයි. 

1958 දී ස්ථාපිත උස්බිම් ජනපදයක් වන කිරිවැල්කැලේ ග්‍රාමසේවා වසම පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් දුෂ්කරතම ගම්මානයයි. 

පවුල් 622ක් වෙසෙන ග්‍රාමසේවා වසමේ ජනගහණය 2,990කි.