ජාතියේ වන්දනාවට යලි විවෘත වන කූරගල පුදබිම

0
246

අද දිනය මෙරට ශාසනික වංශ කතාවට වැදගත් දවසක්. එක් වැදගත්කමක් වන්නේ මැදින් පුර පසලොස්වක පොහොය අදට යෙදී තිබීමයි. එමෙන්ම  ඓතිහාසික කූරගල පුජා භුමියේ පළමු වරට ආගමික වතාවත් සිදු කෙරෙන්නේද අද දිනයේයි.

ඓතිහාසික කූරගල පුජා භුමියේ වත්මන් භාරකාරත්වය දරන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේයි.

වසර ගණනාවක් පුරා මුස්ලිම් ජනතාව විසින් මහරහතුන් වහන්සේලා වැඩ සිටි කූරගල පුදබිමේ ගල් ලෙන් තුල ආගමික ස්ථාන ඉදිකරමින් සිදුකර තිබු අතර මේ වන විට පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් එම වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ද සිදුකරමින් පවතිනවා

ඒ අනුව අද පස්වරුවේ ‘අසදිසි ශාක්‍ය සුගත මහා සෑය‘ නමින් නව චෛත්‍ය රාජයාණන් වහන්සේට ඉදිකිරීමට මුල්ගල තැබීමට කටයුතු යොදා ඇති බව නෙත් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබුනා.