වසර 16ක ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාව අමෙරිකාවේදී බිඳ වැටේ

0
292

අමෙරිකාවේ ටෙක්සාස් රිලේස් මලල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ ඉසව්වේදී ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කරගැනීමට උෂාන් තිවංක පෙරේරා සමත්විය.

ඔහු බිඳ දැමුවේ වසර 16ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවකි.

ඒ අනුව, පිරිමි උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කරගැනීමට  උෂාන් තිවංක පෙරේරා ට අවස්ථාව උදාවිය.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 2.28කි.

උෂාන් ඇමරිකාවේ ටෙක්සාස් හී අධ්‍යාපන කටයුතු සිදුකරමින් පුහුණුවීම් සිදු කරයි.

උෂාන් තිවංක බිඳහෙලුවේ මීට පෙර මංජුල කුමාර විජේසේකර සතුවු මීටර් 2.27ක ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාවය.