ඊජිප්තුවේ සූවස් ඇළ මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ආරම්භ වී තිබෙනවා.
ඒ, දින 07 ක කාලයක් පුරාවට එම ඇළ මාර්ගය හරස් කරමින් සිරවී තිබූ එවර්ගිවන් නෞකාව මුදාගෙන යළි ගමනාගමනයට යොමු කිරීමත් සමගයි.
ලොව පවතින අති විශාල බහාලුම් ප්‍රවාහන නෞකාවලින් එකක් වන එවර්ගිවන් නෞකාව සුවස් ඇළේ වැලි පරයක සිරවී තිබුණේ පසුගිය 23 වනදායි.
ඉන් ලොව කාර්යබහුලම වෙළඳ මාර්ගයක් වන සූවස් ඇළ මාර්ගය අවහිර වීමත් සමග යුරෝපය, බටහිර, ආසියාව මෙන්ම අප්‍රිකාව එක්කර සිදු කෙරෙන ලොව පුරා නෞකා මෙහෙයුම් කටයුතු රැසක් අඩපණ වී තිබුණා.
එවර්ගිවන් නෞකාව සූවස් ඇළ හරහා සිරවී තිබීම හේතුවෙන්, අමෙරිකානු ඩොලර් බිලියන ගණනක භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන නෞකා 350 ක් පමණ සූවස් ඇලේ ඇතුළුවීමේ හා පිටවීමේ ස්ථාන අසල රැඳී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.