කාන්තාවන් තිදෙනෙකුට මරු කැඳවූ මාරක රිය අනතුර

0
354

නුවරඑළිය, හග්ගල ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් අද  දහවල් සිදුවු රිය අනතුරින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නුවරඑළියේ සිට වැලිමඩ දක්වා ගමන් කළ කන්ටේනර් රථය රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන්කල ත්‍රීරෝද රථයක ගැටීමෙන් පසු ඒ මතටම පෙරලීයෑමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් අවුරුදු 51, 52 සහ 20 යන වයස්වල පසුවන බව වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.

කන්ටේනර් රථයේ රියදුරු වාහනය නවතා පළාගොස් ඇති අතර ලොරි රථයේ සහයකයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය පොලීසිය සිදුකරනු ලබයි.