ශ්‍රී ලංකාවට ලකුණු 377ක ඉලක්කයක්

0
391

කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ජයගැනීම සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 377ක ඉලක්කයක් හිමිව තිබේ.

තරඟයේ සිව්වන දිනය නිමාවන විට ශ්‍රි ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 29ක් ලබා සිටියේය.

කොදෙව් කණ්ඩායම දෙවන ඉනිමේදී කඩුලු 04ක් දැවී ලකුණු 280ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

නායක කෙග් බ්‍රැත්වෙයිට් ලකුණු 85ක් සහ ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 71ක් ලබාගැනීමට සමත්වුණි.

පළමු ඉනිමේ ලකුණු 96ක් පසුපසින් සිටිමින් ශ්‍රි ලංකා කණ්ඩායමට අද දිනය තුළ තවත් ලකුණු 348ක් ලබාගත යුතු වේ.