පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් වූ, කිතුණු ජනතාවගේ ඉවසීම විශිෂ්ට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දෙවසරක් ගතවන පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා අද (03) මේ බව අවධාරණය කළේය.
එහිදී අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ,
“මෙයට වසර දෙකකට පෙර 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු මංගල්‍ය දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු කිතුණු බැතිමතුන් 250කට අධික පිරිසකගේ ජීවිත අහිමු වූ බව අපි දනිමු.”
මෙම මිලේච්ඡ ප්‍රහාරය එදා මෙන්ම අදත් අප තරයේ හෙළාදකින අතර ප්‍රහාරයෙන් ජීවිත අහිමි වු කිතුණු ජනතාවගේ පවුල්වල සමාජිකයන්ට මෙන්ම සමස්ත කිතුණු ජනතාවට අපගේ සංවේගය පළ කරන්නෙමු.”
“එමෙන්ම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණ රජයක් ලෙස මේ දක්වා අඛණ්ඩව ඉටුකර තිබෙන බව ඔබට සිහිපත් කරමි.”
“කිතුණු ජනතාව බලාපොරොත්තුවන පරිදි ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවේ වරදකරුවන් වනතුරු එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වේ.”
“පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් වූ කිතුණු ජනතා ඉවසීම විශිෂ්ට බව සිහිපත් කරමි.”