ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨානයවීම සිහි ගැන්වෙන පාස්කු ඉරිදා දිනය අදට (04) යෙදී තිබේ.
මිනිස් ජීවිතයට විමුක්තිය ලබාදුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ උත්ථානය සිහි කරමින් කිතුණු ජනතාව අද පාස්කු ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා සහභාගී වෙයි.
දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් සහ ආගමික වතාවත්වල නිරත වෙමින් අද දිනයේ එම මංගල්‍යයට සහභාගී වේ.
දිවයින පුරා දේවාස්ථානවල ඊයේ (03) රාත්‍රීයේ ද දේව මෙහෙයන් පැවති අතර අද සියලු දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ දේව මෙහෙයන් පැවැත්වේ.
මීට දෙවසරකට පෙර දේවස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීමද එහිදී සිදුවේ.
මේ අතර පාස්කු ඉරිදා දිනය වන අද දේවාස්ථාන ආශ්‍රිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 12,500 කට අධික ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් රාජකාරී කටයුතුවලට යොදවා තිබේ.