පාම් ඔයිල් ආනයනය තහනම් කරන්න – ජනපති නියෝග කරයි

0
434

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය අද නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබෙනවා.

දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ. මේ සමගම කටු පොල් වගාව ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

මේ අතර කටු පොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටජනාධිපතිතුමා දී ඇති උපදේශය බලාත්මක කරමින් අදාළ නීති යටතේ නියෝග පනවා ඇත.

මෙරට කටු පොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දී තිබුනේ මීට මාස 6කට පමණ පෙරය.

දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර වරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද උපදෙස් දී ඇත.

මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ විට කටු පොල් වගාව සහ ෆාම් ඔයිල් පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කිරීම රජයේ අරමුණයි.