ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

0
348

උදාවූ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද නිදුක් නීරෝගී, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි GOZIP CEYLON අපේ පළමු ප්‍රාර්ථනයයි.
අද පුර්ව භාග 2.33 ට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවිය.

අභියෝග රැසක් මධ්‍යයේ ලක්වාසීන් අලුත් අවුරුද්ද පිලිගත්තේ රටට, ජනතාවට සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමිනි.

නැකැත් පත්‍රයට අනුව අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අද ‍පුර්ව භාග 6.17 ට යෙදී තිබුණි.

උදැසන 7.41ට අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම,ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත යෙදී තිබේ.

පලාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනු දෙනු කොට ආහාර අනුභවය මැනවි යැයි අලුත් අවුරුදු නැකැත් පත්‍රයේ සඳහන් වේ.

අලුත් අවුරුද්දේ පැල සිටුවීමේ නැකත ලබන 16 වැනි සිකුරාදා පූර්වභාග 06.40 ට නැගෙනහිර දිශාව බලා සිදු කිරීම යෝග්‍ය බව නැකැත් පත්‍රයේ දැක්වේ.

තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීම යෝග්‍ය බව ජ්‍යෝතීෂ්‍යයේ සඳහන් වේ.

සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත ලබන 17 වන සෙනසුරාදා පූර්ව භාග 7.16 ට යෙදී තිබේ.

නිලපැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි දකුණු දිශාව බලා හිසට නුග පත් ද, පයට කරද පත්ද තබා නුග පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි යැයි ජ්‍යෝතීෂ්‍යයේ සඳහන් වේ.

නව වසරේ රැකි රක්ෂා සඳහා පිටත්වයාමේ නැකත යෙදී ඇත්තේ 19 වැනි සදුදා පූර්ව භාග 6.39 ටයි.

මේ අතර උදා වූ නව වසර පිළිගනිමින් මහනුවර ඵෙතිහාසික ශ්‍රි දළදා මාළිගාවේදී අද ආගමික වතාවත් සිදුකෙරුණි.