ඉන්දියාවට පිහිනා නැවත පැමිණ වාර්තා තැබූ රොෂාන්ගේ ඊලග බලාපොරොත්තුව

0
243

තලෛමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා පිහිනාගොස් නැවත පැමිණීම තමාට විශාල අභියෝගයක් වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නායක භට රොෂාන් අබේසුන්දර මහතා පැවසීය. 

එම අභියෝගය ජය ගනිමින් පසුගිය දා ආසියානු නව පිහිනුම් වාර්තාවක් තැබූ ඔහු, ‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහන සමග එක්වෙමින් ඒ බව පැවසීය.

වසර 50ක් ඉපැරණි වාර්තාවක් බිඳහෙලීමේ අත්දැකීම පිළිබඳව ඔහු එලෙස විස්තර කළේය.

“මම මාතර. අපේ ගෙවල් මුහුදට ආසන්නව තිබුණේ. පාසල් කාලය ගොඩාක් වෙලාවට මුහුදෙම තමයි ගතවුණේ. මේ අදහස මට ආවට පස්සේ මම පුහුණුවීම් කළා. එකදිගට කිලෝමීටර් 50ක් දුවලා කිලෝමීටර් 20ක් පීනනවා. ඒක තමයි මගේ පුහුණුවීම. හිතට ලොකු ශක්තියක් ඕන වුණා මේ දේ කරන්න. රෑට කිසිදෙයක් පේන්නේ නෑ. සීතලයි. මුහුදට දාපු එක එක ඒවා ඇවිත් ඔළුවේ වදිනවා. විෂ මුහුදු ජීවීන් ඉන්නවා. ගෑවුණොත් මැරෙන්නත් පුළුවන්. අනාගතයේ තවත් බලාපොරොත්තුවක් තියෙනවා, ලංකාවේ ඉඳන් තවත් රටකට පීනන්න.”