2021 විස්සයි 20 ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගන මෙන්න

0
451

2021 වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය තරග සඳහා ක්‍රීඩාංගණ ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයකර තිබේ.

ඊට ක්‍රීඩාංගණ 9ක් ඇතුළත්ය.

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වසරේදී ඉන්දියාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානයකර ඇත.

ඒ අනුව මුම්බායි, දිල්ලි, චෙන්නායි, කොල්කටා, බැංග්ලෝර්, හයිද්‍රාබාද්, ධරම්සාලා, ලක්නව් සහ අහමදාබාද් යන ක්‍රීඩාංගණ වෙන්කර ඇත.

එහිදී විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණයකර තිබේ.

කෙසේවෙතත් තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳ අවසන් තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගැනීමට නියමිතය.

මේ අතර මේ වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන ක්‍රීඩකයින්ට අපහසුතාවයකින් තොරව අවශ්‍ය වීසා නිකුත් කිරීමට ඉන්දීය රජය තීරණයකර තිබේ.

ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්කර ඇත.