පාස්කු දින එල්ල වූ ප්‍රහාරය පිටුපස තිබූ දේශපාලන බලවේගයක් යන්නෙන් තමන් අදහස් කළේ අන්තර්ජාතික දේශපාලනික බලවේගයක් මිස මෙරට දේශපාලන බලවේගයක් පිළිබඳ නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
අප්‍රේල් 21 වන දින පැවැත්වෙන පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණ වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට ඊයේ (19) එක්වෙමින් අගරදගුරු හිමිපාණන් මේ බව සඳහන් කළේය.
මේ අතර, අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් සපිරීම සිහිපත් කරමින් දේව මෙහෙයන් පැවැත්වෙන සියලුම දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය පියවර ගෙන තිබේ.
අද (20) පස්වරු 4 සිට අප්‍රේල් 21 වනදා මධ්‍යහ්න 12 දක්වා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇති බැවින් දේවස්ථානය ඉදිරිපිට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි ද පොලීසිය පවසයි.
එදින දිවයිනේ සියලුම කතෝලික පාසල්වලට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට උන්හන්සේ මෙලෙස පිලිතුරු දුන්හ,