බංගලාදේශයෙන් සැර ප්‍රහාරයක්

0
294

දෙවන දිනය අවසන් වන විට බංගලාදේශ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 474 ක් ලබා ගනිමින් ප්‍රබල තත්වයක සිටියි.

නජ්මුල් හොසේන් ෂන්ටෝ 163යි. නායක මොමිනුල් හක් ලකුණු 127ක් රස කළේය. ඒ ඔහු විදෙස් රටකදී රැස්කළ පළමු ශතකය වේ. එසේම එය ඔහුගේ 11වැනි ටෙස්ට් ශතකයි.

නොදැවී පන්දුවට පහරදෙන මුෂ්ෆිකුර් රහීම් ලකුණු 43යි, ලිටන් දාස් 25යි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනයට අද (22) වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ අනුව අද දිනය තුළ දී යැවීමට හැකි වී ඇත්තේ පන්දු ඕවර 65ක් පමණි.

අඳුරු ආලෝක තත්වය නිසා අද දිනයේ තරඟය නතර කිරීමට විනිසුරුවරු තීරණය කළහ.

වර්ෂාවෙන් බාධා පැමිණි හෙයින් තේ පානයෙන් පසුව යැවිය හැකිවූයේ ඕවර 10 ක් පමණි.

තරගය හෙට උදෑසන 9.45 ට ආරම්භ වීමට නියමිතය.