මුලතිව්,වට්ටුවාකල් පාලම අසළ ඉඩමක ඊයේ (25) දහවල් සිදුවු පිපිරීමකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්වී, තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු කිසියම් ශාරීරික අවශ්‍යතා කටයුත්තක් වෙනුවෙන් අදාළ ඉඩමට ගොස් ඇති අවස්ථාවක පිපිරීමක් සිදුව ඇති බවයි.
අනතුරින් 19 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, 20 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කර සිටියේ.
ජිවිතක්ෂයට පත්වු තරුණයාගේ මළ සිරුර මුලතිව් රෝහලේ තැන්පත් කොට ඇති අතර, තුවාලකරු මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට යොමුකොට ඇති බවද පොලිසිය සඳහන් කළේ.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය කොටගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බවද මුලතිව් පොලිසිය සඳහන් කර සිටියේ.