ප්‍රවීණ සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ධූරයට පත් කර තිබෙනවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලිපිය භාරගත් සුදේව හෙට්ටිආරච්චි මහතා ඉදිරි සතියේ දී ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා හසල අත්දැකීම් සහිත ජේෂ්ඨ මාධ්‍යවේදියෙක්.
වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, නිෂ්පාදකවරයෙකු වූ ඔහු ප්‍රමුඛ මාධ්‍ය ආයතන කිහිපයක සහකාර කළමනාකාරවරයෙකු, කළමනාකාරවරයෙකු, සහකාර සාමාන්‍යාධිකාරීවරයෙක්, සාමාන්‍යාධිකාරීවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ දක්ෂ පරිපාලන නිලධාරියෙකි.
සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරනු ලැබුවා.