ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ බැවින් මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වනු ඇති.
මේ අතර, අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 156 වන ක්‍රීඩකයායි.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ද කැදවා තිබෙනවා.
ඔවුන් දෙදෙනා කණ්ඩායමට කැදවා ඇත්තේ ළහිරු කුමාර (ආබාධයක්) සහ වනිදු හසරංග වෙනුවටයි.
මේ අතර, බංග්ලාදේශය වෙනුවෙන් ශොරිෆුල් ඉස්ලාම් ද මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.