පළමු ඉනිමට දිමුත් සහ තිරිමාන්න ගෙන් ශතක 2ක්

0
488

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟය මේ වනවිට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

මීට සුළු මොහොතකට පෙර ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න සිය තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සිය 12 වන ටෙස්ට් ශතකය ලෙස පන්දු 190කදී ලකුණු 118ක් වාර්තා කළේය.