කොවිඩ් ආසාදිතයින් ඉහළ ගියද බටහිර බෙංගාල මැතිවරණය පැවැත්වීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාකර තිබේ.
එම ප්‍රදේශයේ ඡන්දදායකයින් විශාල වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මේ හේතුවෙන් බටහිර බෙංගාලය කොවිඩ් වෛරසයේ මීළඟ බිල්ල වියහැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවති.
කොවිඩ් දෙවැනි රැල්ල මේ වනවිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ඛේදවාචකයක් ඇතිකර තිබේ.
බටහිර බෙංගාලයේ පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 17,000ක් හමුවී ඇති අතර එය එම කලාපයෙන් වාර්තා වූ වැඩිම ප්‍රමාණය වේ.
වෛරසය රටපුරා වේගයෙන් පැතිරයන අවස්ථාවේ ඒ ගැන නොතකා අගමැති නරේන්ද්‍ර මෝදී මැතිවරණ ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ බොහෝ දෙනා ඔහුට සිය විරෝධය පළ කරති.