ලෝක කම්කරු දිනය අදයි

0
216
ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.

මෙවර එය මෙරටදී සැමරෙන්නේ “ජනහිතකාමි වැඩබිමක් සුරක්ෂිත දේශයක් ” යන තේමාව යටතේය.

කෙසේ වෙතත් කොරෝනා ව්‍යපතියත් සමග රට තුළ හටගෙන ඇති තත්ත්වයත් සමග මෙවර කම්කරු දින පෙළපාළි හෝ රැළි පැවැත්වෙන්නේ නැත.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා සඳහන් කළේ, කොරෝනා වසංගතයෙන් විවිධ පීඩාවන්ට පත්ව සිටින මෙරට කම්කරු ප්‍රජාව සුරක්ෂිත කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවය.

මෙරට සක්‍රීය ශ්‍රම බලකාය මිලියන 8.6 ක් වන අතර සහභාගීත්ව ශ්‍රම බලකාය ඉන් 52.3% ක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.