ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(1).
බංගලාදේශ පලමු ඉනිම 251 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.
පන්දු යැවීමේදී අද දින සිය මංගල තරඟය ක්‍රීඩා කරන ප්‍රවීන් ජයවික්‍රම පන්දු වාර 32කදී ලකුණු 92 කට කඩුලු 6ක් දවා ගනීමට සමත් වුනා.
සුරංග ලක්මාල් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් විය.
පළමු ඉනිම වෙනුවෙන් තමින් ඉක්බාල් පන්දු 150කදී ලකුනු 92 ක් රැස් කල අතර අන් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 50 සීමව පසු කිරීමට සමත් වූයේ නැත.
මේ අනුව බංගලාදේශ කණ්ඩායම තවත් ලකුනු 242 ක් පිටුපසින් සිටිනවා.