උපුල් තරංගටත් කොවිඩ් – ශ්‍රේෂ්ඨයන්ගේ තරඟය කල් යයි

0
293

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අඟහරුවාද පැවැත්වීමට නියමිත ශ්‍රේෂ්ඨයන්ගේ ක‍්‍රිකට් පිල සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල අතර ක‍්‍රිකට් තරගයට සහභාගිවීමට නියමිතව සිටි ශ්‍රේෂ්ඨයන්ගේ පිලේ සාමාජික උපුල් තරංග ‘කොවිඞ්’ ආසාදිතයකු යැයි තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.

‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ  ‘ටීම් ශ්‍රී ලංකා’ අතර පැවැත්වීමට නියමිතව තිබූ 20/ 20 ප්‍රදර්ශනාත්මක ක්‍රික‍ට් තරඟය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

රටේ පවතින කොවිඩ් තත්ත්වයත් එම තරඟයට සහභාගීවිමට සිටි ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් සලකා එම තීරණය ගත්බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

එම ක්‍රිකට් තරඟය එළඹෙන මැයි 4 වනදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.