ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා ඉදිරි එක්දින තරග සංචාර සඳහා ඇතුලත් කර නොගැනීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය නිසා තිසර පෙරේරා සිය ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.
තිසර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 166ක් සහ පන්දුවාර 20යි 20 තරග 84කට ක්‍රීඩා කර තිබේ.
32වැනි වියේ පසුවන තිසර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වසර 12ක් ක්‍රීඩා කළේය.