දිවයිනෙන් එක වූ උසස් පෙළ හපන්නු

0
219
අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 301,771 දෙනකුගෙන් 194,297 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2020) ගණිත අංශයේ පළමු ස්ථානය හිමිකරගැනීමට යාපනය චාවකච්චේරි හින්දු විදුහලේ තනරාජ් සුන්දරභවන් සිසුවා සමත්ව සිටියි.

ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ අමන්දි මදනායක ශිෂ්‍යාව වාණිජ අංශයෙන් පළමු ස්ථානය හිමිකරගෙන ඇත.

දෙහිවල ප්‍රෙස්බිටේරියන් බාලිකා විදුහලේ චාමිකා සෙව්මිණි ශිෂ්‍යාව කලා අංශයෙන් පළමු ස්ථානය හිමිගැනීමට සමත්ව සිටී