ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

0
73

මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත තත්ත්වය නේපාලයටත් පැතිරෙමින් ඇතිබව වාර්තා වේ.

නේපාලයේ ආසාදිතයින් වාර්තා වීම 57 ගුණයකින් වර්ධනය වී ඇති අතර ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලින් 44% පමණ ආසාදිතයින් ලෙස වාර්තා වන බව විදෙස් මාධ්‍ය පැවසීය.

විශේෂයෙන්ම ඉන්දීය දේශසීමාවට ආසන්න නේපාල නගරවල ආසාදිතයින් බහුල ලෙස වාර්තා වෙමින් ඇති අතර ඔවුන් බොහෝ දෙනෙකුට ප්‍රතිකාර ලබාදීම ගැටලුවක් ව වී තිබේ.

මේ වනවිට එරට එන්නත් ලබාදී ඇත්තේ සම්පූර්ණ ජනගහණයෙන් 1% ක් පමණි.