කුලී වැඩට ඇවිත් ගමේ තරුණියන් ස්නානය කරන දර්ශන වීඩියෝ කරලා, කොළඹ Youtube කාරයෙක්ට දහස් ගානකට විකුනලා

0
981

පැල්මඩුල්ල පැත්තෙ හෝටලයක පසුගිය දවසක ලොකු සාදයක් තිබුණා. මේ සාදයට බලංගොඩ, පින්නවල, රත්නපුර ඇතුළු ප‍්‍රදේශ ගණනාවක බොහෝ පිරිසකුත් පැමිණ සිටියා.
 
සාදයට ආව එක්තර පුද්ගලයෙක් පදමට මත්පැන් පානය කරලා එයාගෙ ජංගම දුරකථනයේ වීඩියෝ දර්ශන කීපයක් මිතුරන්ට පෙන්වමින් විනෝද වුණා.
කට්ටිය බොහොම උනන්දුවෙන් මේ වීඩියෝ දර්ශන නැරඹූ අතර එතැන හිටපු කීප දෙනෙක් කලබලයට පත්වෙන්න වැඩි වෙලාවක් ගතවුණේ නැහැ.
 
දෙයියනේ මේ වීඩියෝවල ඉන්නෙ අපේ අල්ලපු ගෙදර අක්කනෙ. මේ වීඩියෝවල ඉන්නෙ අපේ ගෙවල් ළඟ ඉස්කෝලෙ යන ළමයි දෙන්නෙක්නෙ.
 
 වීඩියෝ දර්ශන නරඹපු කීපදෙනෙක්ම ඒ දර්ශනවල ඉන්නෙ තම අසල්වාසීන් හිතවතුන් බව කියන්න ගත්තා.
 
මේ වීඩියෝ දර්ශනවල තිබුණෙ තරුණ කාන්තාවෝ නිවස පිටුපස ළිඳේ නාන දර්ශන, තවත් වීඩියෝ පටවල තිබුණා නිවාසවල නාන කාමරවල තරුණ ගෑනු දරුවෝ ස්නානය කරන දර්ශන. මේ වීඩියෝ දර්ශන නරඹපු බොහෝ දෙනෙක් දැඩි ලෙස කලබලයට පත්වුණේ ඒ නිසයි. බලංගොඩ පින්නවල පැත්තෙ පදිංචිකාරයො මේ වීඩියෝ දර්ශනවල සුලමුල හොයන්න උත්සාහ කළ අතර ඒ සඳහා වැඩි දවසක් ගත වුණේ නැහැ. මීට සති කීපයකට උඩදී බලංගොඩ පින්නවල ප‍්‍රදේශයට එක්තරා පුද්ගලයෙක් ගම පුරා කරක් ගසමින් කුලී වැඩ හොයන්න පටන් ගත්තා.
 
ගමේ නිවාස කීපයකින්ම මේ පුද්ගලයාට කියලා විවිධ රාජකාරි කරවා ගත්තා. ඇතැම් අය නිවාස ආසන්නයේ ගස්වල අතු කප්පවා ගත්තා. සමහරු වත්ත සුද්ධ පවිත‍්‍ර කර ගත්තා. වහලවල්වල කැඩිච්ච බිඳිච්ච තැන් සකස් කර ගත්තා. මේ විදිහට ගමේ අය මේ පුද්ගලයා මාර්ගයෙන් මෙකිනොකී විවිධ වැඩ රාජකාරි කරවා ගත්තා. දින කීපයක් ගමේ කරක් ගහපු මේ පුද්ගලයා හිටිහැටියෙම අතුරුදන් වුණා. ඊට සති කීපයකට පස්සේ තමයි මේ ගමේ තරුණ කාන්තාවන් පාසල් වයසේ සිටිනා තරුණියන් ස්නානය කරන දර්ශන ඇඳුම් මාරුකරන දර්ශන සහිත වීඩියෝ පට යූටියුබ් හරහා ප‍්‍රචාරය වෙන්න පටන් ගත්තෙ.
 
අන්තිමේදී හැම දෙයක්ම හෙළිවෙන්න පටන් ගත්තා. කුලී වැඩ කරමින් ගම පුරා කරක්ගහපු මේ පුද්ගලයා ඔහු සතුව තිබුණ නවීන ජංගම දුරකථනය මාර්ගයෙන් හොර රහසේම ගමේ රූමත් තරුණියන් ස්නානය කරන දර්ශන වීඩියෝගත කරලා පාසල් යන වයසේ තරුණ ළමයින් නාන කාමරවල ස්නානය කරන ආකාරය වීඩියෝගත කරලා. මේ පාපතරයා ඒ හැම වීඩියෝ පටයක්ම කොළඹ ඉන්න එයාගෙ හිතවතෙකුට දීලා තියන බව ගමේ මිනිස්සු හොයාගත්තා. ඒ වීඩියෝපට හැම එකකටම දහස් ගණනින් මුදල් මේ පුද්ගලයට ලැබිලා තියනවා. අන්තිමේදී ඒ සියලූ වීඩියෝපට යූටියුබ් හරහා අන්තර්ජාලයට එක්කරලා තියනවා.
 
බලංගොඩ පින්නවල පැත්තෙ ගම්වල පදිංචි බොහෝ දෙනෙක් මේ ප‍්‍රශ්නය නිසා අද අන්ත අසරණ වෙලා. ඔවුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. ගමේ මිනිස්සු මේ නරුමයා ගැන පින්නවල පොලිසියට පැමිණිලි කළා. ඒත් පොලිසියෙනුත් මේ වෙනතුරු යහපත් ප‍්‍රතිචාරයක් නැහැ.
 
මේ වීඩියෝපටවල ඉන්න තරුණ කාන්තාවන්ට අද රැකියාවට යන්න විදිහක් නැහැ. තරුණ ගෑනු දරුවන්ට අමතර පංතියකට පාසලට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා.
 
පොලිසිය මේ පාපතරයා අල්ලගන්න විමර්ශන කළත් ඒ නරුමයා තවමත් නිදැල්ලෙ. නොදන්නා පුද්ගලයෝ තම නිවාසවල වැඩට සම්බන්ධ කර ගන්නකොට දෙවරක් හිතල බලන්න ඕනෙ. එහෙම නොවුවණොත් අපිට නොදැනීම අපි අමාරුවෙ වැටෙන්න ඉඩ තියනවා.

http://nethgossip.lk වෙබ් අඩවිය ඇසුරිනි.