කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දැමීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙරට ඉදිවන 07 වන අධිවේගි මාර්ගය වන රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරිම් කටයුතු වලට අද පෙරවරුවේ එක්වෙමින්.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මන්දිරයේ සිට එම කටයුතු සිදුකෙරුණා.
අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නම්, මෙම තත්ත්වය පාලනය කිරීම අපහසු නොවන බවයි.