IPL ගිය මහේල මාලදිවයිනේදී නිරෝදායනයට

0
416

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට පසුගියදා තීරණය කෙරුණි.

ඒ අනුව ඊට සහභාගී වී සිටින විදෙස් ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිටත් කර යැවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

නමුත් ඇතැම් විදෙස් ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට සිය රට වෙත යෑමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන්නේ එම රටවල් සහ ඉන්දියාව අතර ගුවන් ගමන් තහනම් කර තිබීම හේතුවෙනි.

ඒ හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට ද ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි විය.

ඒ අනුව මහේල ජයවර්ධන මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවත් එම රටේදී ඔහු නිරෝධායනය වන බවත් මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරීත්වය විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබේ.

එම නිරෝධායන කාලසීමාව අවසන්වීමෙන් පසු මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.