ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පවුලට මිණිබිරියක් එක්වී තිබේ.
ජනාධිපතිවරයාගේ පුත් මනෝජ් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටින අතර දරු උපත සිදු වී ඇත්තේ එහිදීය.
ඒ අනුව සිය මිණිබිරිය දැක ගැනීම සඳහා ජනපති බිරිඳ මේ වනවිට අමෙරිකාවට ගොස් සිටී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද තම මිණිබිරිය බැලීමට අමෙරිකාවට යෑමට නියමිතව සිටියද රටේ පවතින කොවිඩ් තත්ත්වය පාලනයට සහ දැනට ආරම්භ කර ඇති කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට ප්රමුඛත්වය ලබාදෙමින් ඔහු එම සංචාරය අවලංගු කර ඇති බව වාර්තා වේ.
අද දෙරණ වෙබ් අඩවිය ඇසුරිණි.