”දියමත මෙහෙයුම් ඒකකය” නමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නව ඒකකයක් ස්ථාපිත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , ජලාශ හා ගංගා ආශ්‍රිතව සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ඒකකය ස්ථාපිත කර ඇති බවයි.
ඊට විශේෂ පුහුණුව ලැබූ විශේෂ කාර්ය බලකා සෙබළුන් 16 දෙනෙකු ඇතුළත් ය.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ආයතනය හා ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සංගමය මේ සඳහා අනුග්‍රහය සපයා තිබේ.