ගතවූ දිනයේ ආසාදිතයින් 2,624 ක් – මාස තුනක බිළිදියෙකුද ඇතුලත්ව මරණ 26ක්

0
160

කොරෝනා ආසාදිතයින් 2,624 ක් ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් 128,530ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. කෙසේවෙතත් එම පිරිසෙන් රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් එක් ලක්‍ෂ 5,611 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

තවදුරටත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 22,118ක්. 

මේ අතර ඊයේ දිනයේදී කොරෝනා මරණ 26 ක් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 827 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේද ඊයේ දිනයේයි.

නිළ නිවේදනය පහතින්.