මාස දෙකකට පසුව ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් ආසාදිතයෙක්

0
236

මාස දෙකක කාලයකට පසුව පළමු වරට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් -19 ආසාදිතයෙකු හමුවීමත් සමග එම ප්‍රාන්තය තුළ යළි වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබේ.

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තය වන වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ ආසාදිත පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණි අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහු පසුගිය අප්‍රේල් මස දෙවන සතියේදී ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර සති දෙකක අනිවාර්ය නිරෝධායන කාලසීමාව අවසන් කර දින කිහිපයකට පසු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදී වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ පිරිස් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනිමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරින් කටයුතු කරමින් සිටින අතර ඔහුට නිරෝධායන මධ්‍යස්ථානය තුළ දී වෙනත් පුද්ගලයෙකුගෙන් වෛරසය ආසාදනය වන්නට ඇති බවට බලධාරින් සැක පළ කරයි.

ඔස්ට්‍රේලියාවෙන් මේ දක්වා වාර්තා වී ඇත්තේ කොවිඩ් -19 ආසාදිතයින් 29,939 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 910කි.