දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය තාවකාලිකව අත්හිටුවයි

0
260
දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර තිබේ.

දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ , පවතින කොරොනා ව්‍යාප්තියත් සමග දුම්රිය ගමනා ගමනය සීමා කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට මගී දුම්රිය ධාවනය එක් එක් පළාත් තුළ පමණක් සිදු කෙරෙන බව ද දුම්රිය දෙපර්තමේන්තුව පැවසුවේ ය.

ඒ අනුව සියලු දුර ගමන් සේවා දුම්රිය හා නගරාන්තර දුම්රිය අත්හිටුවා ඇති අතර මගීන්ගේ සංඛ්‍යාව සලකා බලා දුම්රිය ධාවනය සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කළේ ය.