රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය යටතේ 2021 ජනවාරි මස 01 වන දින සිට පසුගිය අප්‍රේල් 15 වැනිදා දක්වා යුද්ධ හමුදාව විසින් රියදුරු බලපත්‍ර 219,082ක් මුද්‍රණය කර තිබෙනවා.
ගතවූ කාලයේ පමණක් එමගින් රජයට ඉතිරි වී ඇති මුදල කෝටි විසි දෙකකට ආසන්න බවයි සඳහන් වන්නේ. ඒ අනුව වර්තමානයේ භාවිතයට ගැනෙන චිපයක් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට කේතයක් සහිත රියදුරු බලපත්‍රයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතයි.
එමඟින් රියදුරු බලපත්‍ර ආශ්‍රිතව සිදුකරන ලබන අක්‍රමිකතා රැසක් වළක්වා ගැනීම අරමුණ වී තිබෙනවා.