LPL දෙවන අදියර ජූලි 30 සිට

0
283

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කළේ ජූලි මස 30 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බවයි. 

ඉකුත් වසරේ පැවැති එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර දැඩි කතාබහකට ලක්වුණා. ඒ, ජෛව බුබුළු ක්‍රමවේදය යටතේ කොරෝනා අවදානම මධ්‍යයේ වුවද, සාර්ථකව පැවැත්වූ තරගාවලියක් විම හේතුවෙන්.

එහිදී කණ්ඩායම් 05 ක් තරග වැදුනු අතර සියලු තරග හම්බන්තොටදී පැවැත්වුණා.