ගාල්ලට සුළු ගංවතුර තත්ත්වයක් – ගිං ගඟ අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

0
225

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ ගිං ගඟ අවට ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අඟවයි.

ඒ අනුව උඩුගම, මාපලගම, නාගොඩ, උනන්විටිය, වැලිවිටිය – දිවිතුර සහ බද්දේගම අනාරක්ෂිත ප්‍රදේශ සහ හෝලුවාගොඩ යන ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.