රාමසාන් දිනය අදයි

0
364

ඉස්ලාම් බැතිමතුන් මහත් බැතියෙන් සමරන රාමසාන් දිනය අදට යෙදී තිබෙනවා. රාමසාන් මාසය පුරා උපවාසයේ නිරත වන ඉස්ලාම් බැතිමතුන් ෂව්වාල් මාසයට අදාළ නව සඳ දැකීමෙන් අනතුරුව රාමසාන් උත්සවය සමරනු ලබයි.

ලොව පුරා පවතින කොවිඩ් -19 වසගතය හේතුවෙන් සිය නිවෙස්වලට වී මෙවර රමාසන් උත්සවය සමරන ලෙස කොළඹ මහ පල්ලියේ ජාතික සමගිය සඳහා වූ අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති හසන් මවුලානා මව්ලවිවරයා ඉස්ලාම් ජනතාවට දැනුම් දී තිබේ.

මේ අතර රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවයට ඉස්ලාමීය බැතිමතුන්ට සුභපැතුම් පිරිනමන බව රාමසාන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වර්මානයේ ලොව පුර මුහුණදී ඇති කොවිඩ් වසංගතයෙන්  ලෝකවාසි ජනතාව නිදහස් කර දෙන්නැයි යන්න මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රාර්ථනාව වනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි.