එන්නත් කරණයට ලෝක බැංකුවෙන් මූල්‍ය සහයෝගයක්

0
335

මෙරට කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5ක් සැපයීමට එකඟ වී තිබේ.

ඒ සඳහා අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව ඊයේ (13) අත්සන් තබා තිබුණි.

නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුවේ මෙරට කාර්යාලය පැවසුවේ “කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ ව්‍යාපෘතිය” ලබාදුන් දෙවැනි මූල්‍ය සහයෝගය මෙය වේ.

ලෝක බැංකුවේ එන්නත් අනුමත කිරීමේ ක්‍රමවේදය ට අනුකූල කොවිඩ්-19 එන්නත් මිලදී ගැනීමට සහ ඒවා ජනතාවට ලබාදීමට එම මූල්‍ය සහයෝගය වැදගත් වන බව ලෝක බැංකුව නිවේදනය කළේය.