ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනාවක්

0
214

කොවිඩ් වසංගතය ආරම්භයේදී ඒ සම්බන්ධ නිසි ප්‍රතිචාර දැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රාජ්‍යයන් අපොහොසත් වී ඇතැයි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ ස්වාධීන කණ්ඩායමක් අනාවරණය කර තිබේ.

එම හඳුනාගැනීම සිදුකර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය පත්කළ ස්වාධීන කමිටුවක් විසිනි.

වසංගතය ආරම්භයේදී ලෝකයේ රටවල් හැසිරුණු ආකාරය ‘විෂ කවලම් වූ පානයක් ‘ බඳු යැයි ඔවුන් විස්තර කර තිබුණි.

එමෙන්ම චීනයේ උද්ගතව ඇති තත්ත්වය ගෝලීය හදිසි තත්ත්වයක් යැයි ලෝකයට අවධාරණය කිරීමට ලෝක සෞඛය සංවිධානය අසමත්වූ බවද මේ විමර්ශකයින් පවසයි.

යම් ලෙසකින් ඔවුන් වඩාත් වේගවත්ව ක්‍රියාත්මක වූවා නම් වසංගතය මෙතරම් භයානක අවධියක් දක්වා වර්ධනය වීම වළක්වාගැනීමට ඉඩ තිබූ බවත් ඔවුන් අවධාරණය කළේය.