එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය බලා යයි

0
328

බංග්ලාදේශයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

බංග්ලාෙද්ශයේදි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දින 3ක කාලයක් නිරෝධායනයට ලක්වීමට නියමිතව ඇති අතර තරගාවලියට පෙර ලබන 21 වනදා පුහුණු තරගයකට ද එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග එක්දින තරග 3කට සහභාගීවීමට නියමිතව තිබේ.

දෙරට අතර පළමු එක්දින තරගය මැයි 23 වනදාද, දෙවැනි තරගය 25 වනදා ද, තෙවැනි තරගය 28 වනදා ද ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.