2020 විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවට *Photos

0
472

2020 විශ්ව රූ රැජින ලෙස කිරුළ හිමි කරගැනීමට මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා සමත්ව තිබේ.

26 හැවිරිදි ඇන්ඩ්‍රියා මේසා බ්‍රසීලියානු හා පේරු අවසන් තරඟකරුවන්ට අබිබවා යමින් ප්‍රථම ස්ථානයට පත්වූයේ සජීවී රූපවාහිනී විකාශනයකිනි.

කොරෝනා වසංගතය තත්වය හේතුවෙන් 2020 දී පළමු වරට තරඟාවලිය අවලංගු කිරීමෙන් පසු ඉරිදා රාත්‍රියේ විශ්ව රූ රැජින තරගය පවත්වන ලදී.

හිටපු විශ්ව රූ රැජින තරඟකරුවන් වන චෙස්ලි ක්‍රිස්ට්, පෝලිනා වේගා සහ ඩෙමී-ලී ටෙබෝ (2017 දී ශූරතාව දිනාගත්) තරඟ විශ්ලේෂකයින් සහ විචාරකයින් ලෙස කටයුතු කළ අතර කාන්තාවන් අට දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් ජයග්‍රාහකයා තීරණය කළේය.

ෆ්ලෝරීඩාහිදී පැවති 69 වන විශ්ව රූ රැජින තරගාවලියේදී ඇන්ඩ්‍රියා මේසා ජය ගත්තේ තරඟ කාරියන් 73 දෙනෙකු අබිබවා යමිනි.

අවසාන තරඟයට පෙරාතුව මියන්මාරයේ තුසාර් වින්ට් එල්වින් මෙනවිය ඇගේ රටේ ඇති කුමන්ත්‍රණය තත්වය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා අවස්ථාවක් කර ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.

2020 විශ්ව රූ රැජින වූ ඇන්ඩ්‍රියා මේසා නිරූපණ ශිල්පිනියක්, වේශ නිරූපණ ශිල්පිනියක්, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක ද වේ.

විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝව විසින් හිමි කරගත් තෙවන අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.