ගසා තීරයේ ගැටුම් තවදුරටත් පැවතියහොත් එය කලාපීය අර්බුදයක් බවට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ (16) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසා ඇත්තේ ගාසා තීරයේ භයානක ගැටුම් වහා අවසන් කරන ලෙසය.
ගාසා තීරයේ ගැටුම් උත්සන්න වීම හමුවේ ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවනවා.
ඉන්ධන හිඟය හේතුවෙන් රෝහල් සහ අනෙකුත් පහසුකම් සඳහා විදුලිය ඇණහිටීමේ අවදානමක් පවතින බවයි එම සංවිධානය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, ඉන්ධන ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදපෙරදිග සාම ක්‍රියාවලිය සඳහා වන නියෝජ්‍ය විශේෂ සම්බන්ධීකාර ලින් හේස්ටින් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කළ ද එය ආරක්ෂිත නොවන බවටයි ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත.
පලස්තීනය විසින් ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා රොකට් ප්‍රහාර 3,000 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 200කට ආසන්න වී තිබේ. ඉන් 58 දෙනෙකුම කුඩා දරුවන්
මධ්‍යධරනී මුහුදට නැගෙහිරින් පිහිටා ඇති ලොව ඇති එකම යුදෙව් රාජ්‍යය වන්නේ ඊශ්‍රායලයයි.
පලස්තීනුවන් ලෙස හැඳින්වෙන අරාබි ජනයා පවසන්නේ යුදෙව්වන් ඊශ්‍රායලය කියා හඳුන්වන දේශය සත්‍යවශයෙන්ම අයත් වන්නේ ඔවුන්ට බවයි.
කෙසේ වෙතත් එම සම්පූර්ණ බිමේ හෝ ඉන් කොටසක පලස්තීනය වෙනුවෙන් වෙනම ස්වාධීන රාජ්‍යයක් පිහිටුවන්නට ඔවුන්ට අවශ්‍යතාව තිබෙනවා.
මෙම භූමිය අයිති කාටද සහ පාලනය කරන්නේ කවුරුන්ද යන කාරණා සම්බන්ධයෙන් අළු යට ගිණි මෙන් ඇවිලෙන ඊශ්‍රායල – පලස්තීන අර්බුදය ලෙස හඳුන්වන්නේ මෙම ගැටුමයි.