විජයග්‍රහණයේ 12 වන සැමරුමට සමගාමීව යුද හමුදා නිලධාරීන් 452 දෙනෙකුට සහ සෙසු නිලයින් 4,289 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.
සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ලබා දී ඇති මෙම උසස් වීම් අද(18) දින සිට ක්‍රියාත්මක වනු ඇත.
එහිදී බ්‍රිගේඩියර් නිලයෙන් නිලධාරීන් 12 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයෙන් නිලධාරීන් 37 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයෙන් නිලධාරීන් 39 දෙනෙකු කර්නල් නිලයට ද උසස් කර ඇත.
තවද මේජර් නිලයෙන් නිලධාරීන් 40 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයෙන් නිලධාරීන් 62 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන් නිලයෙන් නිලධාරීන් 61 දෙනෙක් කපිතන් නිලයට සහ දෙවන ලුතිතන් නිලයෙන් නිලධාරීන් 201 දෙනෙක් ලුතිතන් නිලයට උසස්කර ඇත.
එමෙන්ම, බලලත් නිලධාරි ඓඓ 83 දෙනෙකු බලලත් නිලධාරි ඓ නිලයට, මාණ්ඩලික සැරයන් 330 දෙනෙකු බලලත් නිලධාරි ඓඓ නිලයට, සැරයන් 493 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයට, කෝප්‍රල් 1095 දෙනෙකු සැරයන් නිලයට, ලාන්ස් කෝප්‍රල් 1168 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 1120 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයට ද උසස්වීම් ලබා ඇත.
මෙම උසස්වීම් සියල්ල මැයි මස 18 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇති අතර, මෙය මෑත කාලයේ දී යුධ හමුදාවේ වැඩි ප්‍රමාණයකට උසස්වීම් ලබාදුන් අවස්ථාවක් වන බව ද යුධ හමුදාව පවසයි.