තමා වරදක් කර තිබේනම් අධිකරණයට ඉදිරිපත් කර මරණ දඬුවම ලබා දෙන්නැයි ද, එසේ නැතිනම් නිදහස් කරන්නැයි ද වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව කිසිදු චෝදනාවක් නැති බවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පවා පිළිගෙන තමා නිර්දෝෂී පුද්ගලයකු බව ප්‍රකාශ කර තිබෙන බව කී බදුයුදීන් මහතා පොලිස්පතිවරයා පවා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කරුණු දන්වා තිබෙන බවද සඳහන් කළේය.
එවැනි තත්ත්වයක් යටතේ තමා රඳවාගෙන සිටීම අසාධාරණයක් බවත් වසර විස්සක් පාර්ලිමේන්තුව නියෝජනය කළ තමා තනි පුද්ගලයෙක් නොව මහජන නියෝජිතයෙක් බවත් ඒ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ මුදල් පනත් හතක් සම්බන්ධ විවාදයට අද(18) එක්වෙමින් බදියුදීන් මහතා මේ බව පැවසීය.