පානදුරේදී වැටලූ කාන්තා බූරු පිටිය

0
253

පානදුර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය බූරු පිටියක් වටලා තිබේ.ඊයේ (18) සිදු කල වැටලීමෙන් කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මොරවින්න, මාදුපිටිය, ගොළු කොටුව වත්ත සහ දිබ්බැද්ද ප්‍රදේශවල පදිංචි අවුරුදු 30ත් 48ත් අතර වයසේ පසුවන කාන්තාවන් පිරිසකි.

ඔවුන් භාරයේ තිබූ ජංගම දුරකතන හයක් සහ බූරු ගැසීම සඳහා භාවිතා කළ බූරු කුට්ටමක් සහ මුදල් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අද(19) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්භන්ධයෙන් පානදුර දකුණ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.