”ත්‍රස්තවාදියෝ වුණේ ළමයි හම්බවුනාට පස්සේ. ඒ අයටත් සැමරීමක් තිබිය යුතුයි” – හිටපු 57වන සේනාංකාධිපති

0
479

ත්‍රස්තවාදයට සම්බන්ධ වූවන්ගෙන් සීයයට 95ක් කැමැත්තෙන් එම සංවිධානයට සම්බන්ධ වූවන් නොවූ පුද්ගලයින් බැවින් යුද්ධයේදී මියගිය සිය දරුවන් සැමරීමට එම දෙමවුපියන්ටත් ඉඩක් ලබාදිය යුතු බව 57 වන සේනාංකයේ හිටපු අණදෙන නිලධාරි ( විශ්‍රාමික) මේජර් ජනරාල් ජගත් ඩයස් පවසනවා.

පෞද්ගලික රූපවාහිනි වැඩසටහනක පැවති සංවාදයකදී ඔහු පැවසුවේ ඇතැම් දේශපාලන පක්ෂ විසින් මෙම සිහිකිරිමේ උත්සව තම පටු අරමුණු ඉටු කර ගැනීමට යොදා ගන්නා බැවින් ඒ සඳහා නිසි යාන්ත්‍රනයක් සකස් කිරීම වැදගත් බවයි.

”ඔවුන් සටන් කළේ හමුදාවත් සමග. අපිට යුද්ධයේදී බංකර් වලින් හම්බ උනා ඔවුන් ඇවිත් තිබුනේ කැමැත්තෙන් නෙවෙයි කියන්න පුළුවන් සාධක. මේ ළමයි රටේ ළමයින්. ඒ දෙමව්පියන්ට සැමරීමක් තිබිය යුතුයි. ත්‍රස්තවාදියෝ වුණේ ළමයි හම්බවුනාට පස්සේ” (විශ්‍රාමික) මේජර් ජනරාල් ජගත් ඩයස් මාද්‍යවේදියාට පිළිතුරු දෙමින් පවසීය.