“මම නිළවරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ – තේරී පත් වන ඕනෑම අයෙකු සමග වැඩ කරනවා”

0
261

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණ අද(20) පැවැත් වෙනවා. තමා එම ක්‍රියාවලියට මැදිහත් නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ක්‍රිකට් නිළවරණය සම්බන්ධයෙන් Cricbuzz වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව කියා තිබුනා.

“මම නිළවරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ. තේරී පත් වන ඕනෑම අයෙකු සමග මම වැඩ කරනවා” යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා.

පවතින ගැටලු සහගත තත්ත්වයන් හේතුවෙන් නිළවරණය සඳහා නාමයෝජන යොමු කළ නිශාන්ත රණතුංග, කේ. මතිවානන් සහ බන්දුල වර්ණපුර යන මහත්වරුන් ඉන් ඉවත්වීමට ඊයේ දිනයේ දී තීරණය කළා.

මතභේදයට තුඩු දුන් මෙම නිළවරණ ක්‍රියාවලියට ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් නොවීමත්, ණිළවරණයෙන් එක් පාර්ශවයක් ඉවත් වීමත් සමඟ යලිත් වරක් හිටපු සභාපති ශම්මි සිල්වා මහතාගේ පාර්ශවය අද දිනයේ දී ජය ගනු ඇති.